2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා

බෝධි සත්ව ගබ්සාව

 2016 දෙසැම්බර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 312

නිල් මල් බිසව් උකුලේ බිම් මල්      පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය         රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද              වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස          පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම        තොරණේ
මැණික් කරඬු දෙතනේ රන් කිරි     පිරුණේ
අඳුන් තෙලින් නෑවෙන වද මල්       යහනේ
ඔවුන් අතින් මෝරන දරු ගැබ        බිඳුණේ

රිදී කඳුළුමයි රන් කොතලෙට        පිරුණේ
මහමායාවරුන් ඇයි මහ මඟ          පිපුණේ
වදා පලක් නැත බෝසත්වරු     සොහොනේ
අපාගත නොවව් තනිවම             මවුවරුනේ

♦ කුමාර හෙට්ටිආරච්චි
රුවන් සක්මන (1988) පද්‍ය සංගහයෙනි.